Wednesday, January 22, 2025

අතුරුදහන්වු පවුල් වල පුද්ගලයන් 244 දෙනෙකු විමර්ශන සඳහා කැඳවයි ??

Must read

අතුරුදහන් වූවන් වෙනුවෙන් වු කාර්යාලය විසින්  මුලතිව් හි පුද්ගලයන් 244 දෙනෙකුට  විමර්ශණ සඳහා කැඳවා තිබේ.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ විපතට පත් වූ අයගේ ඥාතීන්ට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් සිදු කරන ලද පරීක්ෂණ මේ වනවිටත් සිදු කර ඇත. නැවතත් මෙම කැදවීම් සිදුකර ඇත්තේ අතුරුදහන්වූවන් වෙනුවෙන් ගෙවීමට යෝජනා  වී ඇති වන්දි මුදල් ලබාදීම වෙනුවෙන් බව මුලතිව් ආරංචි මාර්ග පවසයි.

යුද්ධයේ දී මෙන්ම යුද්ධයේ අවසාන අදියරේදී හමුදාවට බාරදුන් පුද්ගලයන්ට සිදුවුයේ කුමක්ද යන්න හෙළදරව්කිරීමකින් තොරව ලබාදෙන්නාවූ වන්දි මුදල් වලින් , අතුරුදහන්වූ පුද්ගලයින්ගේ පවුල් වලට යුක්තියක් හෝ සාධාරණයක් ඉටනොවන බව එම සාමාජිකයන් ගේ අදහසයි.

ඔවුන් වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් ඉල්ලා සිටියේ තමන්ගේ අතුරුදහන්වූ ඥාතීන් පිලිබදව වගකිවයුතු පාර්ශවයන් ජාත්‍යන්තර නීතිය හමුවට පමුණුවන ලෙසයි. තත්ත්වය එසේ තිබියදී වර්තමාන රජය විසින්  සංහිදියාව ඇතිකිරීමේ පළමු පියවර ලෙස අතුරුදහන්වුවන්ට වන්දි ලබාදීමට සැරසීම දෙමළ ජනතාව කෙසේ පිළිගනීවිදැයි යන්න ආන්දෝලානාත්මකය.

ඉතනඩිපදියේ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශය, පුදුකුඩිරිප්පු, ඔඩ්ඩුසාඩාන්, තුනුක්කායි, මාන්තෙයි නැගෙනහිර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 244 ට අයත් පුද්ගලයන් 244 දෙනෙකු මෙසේ විමර්ශන සඳහා කැඳවා ඇත. විමර්ශන මේ මස 19 සහ 20 යන දිනවල පැවැත්වීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article