Saturday, November 23, 2024

අගමැතිට ජනාධිපති කොමිෂන් සභාවෙන් සිතාසි

Must read

පසුගිය සිව් වසර තුල රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබදව සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවට ලබන 12 වනදා පෙරවරු 9.30ට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (09) සවස සිතාසි නිකුත් කෙරිණි. එම නියෝගය ෆැක්ස් මගින් අගමැති කාර්යාලයට හා අරලියගහ මැදුරට යොමු කර ඇත.

සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා කුලියට ලබා ගැනීම තුලින් රජයට පාඩු කිරීම සම්බන්දයෙන් ජනාධිපති කොමිසම විසින් පවත්වන පරීක්ෂණ වලට අදාළව ප්‍රශ්ණ කිරීම සදහා මෙලෙස අගමැතිතුමන්ව කැදවා ඇති බව වාර්ථා වෙයි. මෙම සිදුවීමේ විමර්ශණ සම්බන්දයෙන් මින් පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා,හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පාර්ශව ගණනාවක් ප්‍රශ්ණ කිරීම් සදහා කැදවා තිබිණ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article