Friday, September 20, 2024

අංගොඩ ලොක්කා ඝාතනය : පෙම්වතිය ගැන සැකය තහවුරුයි

Must read

විවිධාකාර අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මෙන්ම අන්තර්ජජාතික පොලිසියට ද  අවශ්‍යව සිටි අංගොඩ ලොක්කා පසුගිය ජූලි මුල දී ඝාතනයට ලක්ව ඇති බවත් එම ඝාතනය වස දීමකින් සිදු කෙරුණක් බවටත් මෙරට මාධ්‍ය වාර්තා කර සිටි අතර මේ වන විට එම සැකය තහවුරු වන සාක්ෂි හමුවී ඇති බව ඉන්දිය මාධ්‍ය සදහන් කරයි.
මියගිය පුද්ගලයාගේ වන අංගොඩ ලොක්කාගේ ඇඟිලිවල සහ නියපොතු ආශ්‍රිතව විස රසායනික තැවරී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් අනතුරුව මෙම සැකය පිළිබඳව දීර්ඝව විමර්ශන ආරම්භ කෙරුණි. එහිදී හෙලිවි ඇත්තේ සිය සැමියා ඝාතනය කිරීමේ පළිය ගැනීම සදහා “අමානි තන්ජි” නැමැත්තිය විසින් “අංගොඩ ලොක්කා” ඝාතනය කර ඇ බවයි.
‘‘අංගොඩ ලොක්කා’’ පසුගිය ජූලි 03 වැනිදා මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ මෘත දේහය මදුරෙයි වෙත රැගෙන ගොස් ආදාහනය කර ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම නඩුව හෙට දිනයේ (12දා) විභාගයට ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article