Friday, November 22, 2024

බස් රථ නොමැතිකම නිසා විභාගයට යාමට නොහැකි සිසුන්

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුකායි අධ්‍යාපන කලාපයට අයත් මාන්කුලම් මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බනිකන්කුලම්, කිවන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසුන් A-9 මාර්ගයේ ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් පාසල් යාමේදීත් පාසල නිමවී නිවෙස්වලට පැමිණීමේදීත් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති. මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, උතුරු පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් රැසක් දැනුවත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර සිසුන් තවමත් පීඩාවට පත්ව සිටිති. මේ පසුබිම තුළ පාසලේ විභාගය පැවැත්වෙන අතරවාරයේදී ඊයේ (13) පෙරවරු 8.12 ට කිසියම් බස් රථයක් නවතා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දුන් අතර පසුව මාන්කුලම් රථවාහන පොලිසියට දන්වා සිසුන් රැගෙන යන ලදී. බ එම බස් රථයේ කොන්දොස්තරවරයා පවා සිසුන් බස් රථයේ නංවාගෙන යමින් සිටියදී පොලිසිය සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන සිද්ධිය රූගත කළ මාධ්‍යවේදියාට තර්ජනය කළේය. පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහා පියවර ගත යුතු බවත් එසේ නොමැතිනම් ඒ 9 මාර්ගය අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ජනතාව පවසා සිටිති. ෂන්මුගම් තවසීලන්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article