Friday, November 22, 2024

⁣මොගඩිෂු අගනුවර කාර් බෝම්බ ප්‍රහාරයකින් 100ක් මරුට

Must read

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ කාර් බෝම්බ පිපිරීම් දෙකකින් මේ වන විට පුද්ගලයන් 100දෙ⁣නෙකු පමණ මියගොස් තවත් පුද්ගලයන් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව මිය ගිය ගණන තවදුරටත් ඉහළ යා හැකිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඒ හේතුවෙන් තුවාල ලැබූ පිරිස් සඳහා ප්‍රතිකාර ලබමින්  කිරීමට ජාත්‍යන්තර වෛද්‍ය සහය බලාපොරොත්තු වන බව සෝමාලියානු ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට අධ්‍යාපන අමාත්‍යංශය ඉලක්ක කරගනිමින් වන අතර, ප්‍රහාරයේ වගකීම  අල් -ෂබාබ් සටන්කාමීන් විසින් භාරගත යුතු බවට සෝමාලියානු ජනාධිපතිවරයා චෝදනා කරයි.

ප්‍රහාරයෙන් පසු ජිහාඩ් හිතවාදී වෙබ් අඩවියක් වන “Memo” වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එම සංවිධානය මේ ප්‍රහාරය පිටුපස සිටින බවයි.

කෙසේ වෙතත් කාලයක් තිස්සේ සෝමාලියානු රජය හා අල්කයිඩා සංසංවිධානයට අනුබද්ධ අල්- ෂබාබ් සංවිධානය අතර ගැටුම් ඇතිවෙමින් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article