Sunday, November 24, 2024

ළමා රක්ෂණ අධිකාරියෙන් දරුවන්ගේ රියැලිටි වැඩසහන් සදහා ප්‍රමිතියක්

Must read

කුඩා දරුවන් සදහා සංවිධානය කෙරෙන රියැලිටි වැඩසටහන් සදහා ප්‍රමිතියක් හදුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරය තීරණය කර තිබේ. ඒ අනුව එම වැඩසටහන් සංවිධානය,විනිශ්චය මණ්ඩලයේ හැසිරීම,දරුවන්ගේ ඇදුම් පැලදුම් සම්බන්දව නිසි ප්‍රමිතියක් ඇති කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සභාපති නීතීඥ එච්.එම්. අබයරත්න මහතා සදහන් කර ඇත.

මෙවැනි වැඩසටහන් වලදී දරුවන්ට අවිනීත ඇදුම් පැලදුම් අන්දවන බවටත් එහිදී අනවශය ස්පර්ශකිරීම් වලට ලක්කරවා ගන්නා බවටත් පවසන සභාපතිතුමන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙවැනි සිදුවීම් වලින් නොදැනුවත්වම දරුවන් යම් ආකාරයක අපයෝජනයකට ලක්වන බවයි. එලෙසම ඇතැම් රියැලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් විසින් දරුවන් නිර්දය ලෙස විවේචනයට ලක්කරමින් දරුවන්ගේ මානසික මට්ටමට දැඩි හානියක් සිදුකරන බවද එතුමා සදහන් කරයි. මේ සියලුම කරනු සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මණින් මෙවැනි වැඩසටහන් සදහා ප්‍රමිතියක් හදුන්වාදීමට කටයුතු කරන බව ඒ මහතා සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article