Thursday, September 19, 2024

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා දැනුවත් කිරීමේ පාගමන

Must read

 

ළමා අයිතිවාසිකම් සුරැකීමේ දැනුවත් කිරීමේ පා ගමනක් මුලතිව් සිලාවත ප්‍රදේශයේදී පැවැත්වුණා.දරුවන් සුරකිමු මැයෙන් කිතු සෙවණ දායක සභාව විසින් මෙම දැනුවත් කිරීමේ රැළියක් පැවැත්වීය.

අද පස්වරු 4.00 ට මුලතිව් දේවනගර් ගම්මානයෙන් ආරම්භ වූ රැළිය සිලාවත මංසන්ධියට පැමිණීමෙන් අනතුරුව ‘දරුවන් සුරකිමු’ නමින් වීදි නාට්‍යයක් ද රඟ දැක්වූහ.

ළමා අපයෝජනයක් සිදුවුවහොත්, දුටුවහොත් 1929ට කතා කරමු, ළමයින් ලිංගික භාණ්ඩ නොවේ, ළමයින් නරක වචන භාවිත කිරීමෙන් වළක්වමු, දරුවන් මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් බේරා ගනිමු, දරුවන් ප්‍රචණ්ඩත්වයෙන් සුරකිමු ආදී විවිධ සටන් පාඨ රැගත් මෙම දැනුවත් කිරීමේ පා ගමන පැවැත්විණි. මෙම රැළිය සඳහා දේවගැතිවරුන්, දෙමාපියන්, දරුවන් සහ ප්‍රජා ක්‍රියාකාරීන් රැසක් සහභාගි වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article