Saturday, November 23, 2024

හෙට සිට ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල රෝහල කාර්යමණ්ඩලයෙන් තීරණයක් ?

Must read

අද (04) සිට රෝහල් අධ්‍යක්ෂකවරයා ලබාදෙන කිසිදු නියෝගයක් පිළිනොගන්නා බවත්, රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ පරිපාලනය යටතේ පමණක් කටයුතු කරන බවත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.

එහිදී අදහස් දක්වමින් ඔවුන් සදහන් කර සිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝහලේ කටයුතු දැඩි අර්බුදයකට පත්ව ඇති බැවින් ඔහු වහාම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. එසේ ඉවත් නොකරන්නේ නම් හෙට සිට රෝහලේ හදිසි හා අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ප්‍රතිකාර සේවවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවද එම සංවිධානය එහිදී සදහන් කලේය.

කොරෝනා වසංගතය කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පැතිර යන අවස්ථාවක රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන්ද, වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට අවශ්‍ය පහසුකම්ද ලබාදීමට අධ්‍යක්ෂකවරයා කටයුතු නොකරන බවත්,අධ්‍යක්ෂකවරයා උදාසීනය කටයුතු කරන බවත්, රෝහල් කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු අපොහොසත් බවත්, කොරෝනා යැයි සැකසහිත රෝගීන්ට නිසි ආරක්ෂක ක්‍රමවේදයක් නොමැතිව වාට්ටු සූදානම් කරන බවත් වශයෙන් චෝදනා රැසක් රෝහල් අධ්‍යක්ෂකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය කටයුතු කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article