අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව හෙට (20) සිට උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව හෙට සිට සති දෙකක් යන තෙක් උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලි කප්පාදුවක් සිදුනොවන අතර, දහවල් 12.00 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.