Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

හිෂාලිනිට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් කල්මුණේ නගරයේදී විරෝධතා

Must read

කල්මුණේ ප්‍රාදේශීය දෙමළ තරුණ බලකාය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ නිවසේදී  මියගිය හිෂාලනීගේ මරණය සම්බන්ධයෙන්  විරෝධතාවයක්  සංවිධානය කර තිබු අතර සෞඛ්‍ය පුරුදු පිළිවෙත් වල අනුව සිවිල්   සංවිධාන සහ ජනතාව සහභාගී විය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවිකාවක් ලෙස සේවය කර  පසුව පිලිස්සුම් තුවාල ලබා මියගිය කාන්තාවට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලීමටට  මෙම උද්ඝෝෂණය  පැවැත්වූ බව කල්මුනායි ප්‍රාදේශීය දෙමළ තරුණ කණ්ඩායමේ ප්‍රධානයා පැවසිය. ඔහුගේ මතය අනුව,

මියගිය දැරියට රජය යුක්තිය ඉටු කළ යුතුයි. බොහෝ තැන්වල තැරැව්කරුවන් මුදල් සඳහා ළමයින් කුලියට ගනී. එම නිසා ළමයින් රැකියාවල නියුක්ත කරන ගෘහණියන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

අද මියගිය දැරියගේ දේහය 02 වන මරණ පරීක්ෂණය සඳහා ඩයගම පොදු සුසාන භූමියෙන් ගොඩගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article