වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී 2011 වසරේ මාර්තු 31 දින සිදුවූ රිය අනතුරකදී පොලිස් සැරයන් ජයමිණී පුෂ්පකුමාර මහතාගේ මරණය සම්බන්දයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට නියෝග කර තිබේ. එම 6 දෙනා අතරට විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකුද අයත් වේ.
මියගිය පොලිස් සැරයන් වරයා ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා මහතාගේ ආරක්ෂකයෙකු වහයෙන් කටයුතු කර ඇත.
මිය ගිය සැරයන්වරයා ඇතුළු පිරිස ජීප් රථයකින් මන්නාරම දෙසට ගමන් කරමින් සිටියදී ජීප් රිය මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක වැදී අනතුරට ලක්ව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සම්බන්දයෙන් ඒ අවස්ථාවේදී අධිකරණයට කරුණු වාර්ථා කර ඇත්තේ ඒ අවස්ථාවේදී සැරයන්වරයා විසින් ජීප් රිය පැදවූ බවයි. නමුත් පසුව ලැබුණ පැමිණිල්ලකට අනුව ජීප් රිය ධාවනය කර ඇත්තේ ජේ.ශ්‍රී.රංගා බවත් සැරයන්වරයා අසල අසුනේ සිටි බවත් සදහන් කර ඇති අතර ඒ අනුව ඒ සම්බන්දයෙන් පොලීසිය විසින් විමර්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙත කරුණු වාර්ථා කර තිබේ.