හලාවත අළුත්වත්තේ විසු පියුමන්ත කෞෂාල් සිසුවා හලාවත සාන්ත මරියා පිරිමි මහ විදුහලේ අධ්‍යාපනය ලැබු,එහි තූර්ය වාදක මන්ඩලයේ දක්ෂ ශීල්පියෙකු ද විය.
පසුගිය 6 දා උන රෝගය වැළදි හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනගොස් ප්‍රතිකාර ලබාගත්තද කසිදු ගුණයක් නොතිබුණ බැවින් හලාවත රෝහලට ඇතුළත් කිරිම සදහා රැගෙන විත් තිබුණද එදින ක්‍රියාත්මකව පැවැති වෛද්‍ය වර්ජනය හේතුවෙන් මේ රොගියාව නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත් කොටගෙන නැති බව හලාවත ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වු ඔගස්ටින් මහතාගේ මුහුණු පොතේ සදහන් කර තිබුණි.
එදින හලාවත නගරය තුල පුද්ගිලකව ප්‍රතිකාර කිරිමද නතර කොට තිබුණ හෙයින් නිසි ප්‍රතිකාරයක් ලබාදිමට නොහැකිව ඇතැයි වාර්ථා විය.
කෙසේ වෙතත් යළිත් අසාධ්‍ය තත්වයෙන් පසුගිය 8 වෙනිදා හලාවත රෝහල වෙත ගෙනගොස් තිබුණද මේ යෞවනයාගේ දිවි රැකදිමට රෝහල අසමත්ව තිබුණි.
වෛද්‍ය වර්ජනය මෙලෙසින් මේ තරුණයාගේ ජිවිතය බිළිගෙන තිබුණි.
මුලාශ්‍රය- ඔගස්ටින් ප්‍රනාන්දු මහතාගේ මුහුණු පොත
හලාවත සිසුවෙකුගේ ජිවිතය බිලිගත්තේ සයිටම් විරෝධි වෛද්‍ය වර්ජනයද ?
![tmp_25307-FB_IMG_1492147934528-867641402](https://citizenpostlk.com/wp-content/uploads/2017/04/tmp_25307-FB_IMG_1492147934528-867641402.jpg)