සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට එරටදීම මියගිය වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ තෙ එවීමේ සිදුවීමක වාර්තා වෙයි.
එම කාන්තාවගෙ මල සිරුර සමගින් ඉන්දියාවේ තිවේන්ද්රම් හි පදිංචි තවත් පිරිමි පුද්ගලයෙකුගෙ මල සිරුරක සෞදි ගුවන්තොටුපලේ ගල්ෆ් ගුවන්සේවා කාර්යාලයට භාරදී ඇති අතර එහිදී සිදුවූ වැරදීමකින් ඉන්දීය පුද්ගලයාගේ සිරුර මෙරටට එවා ඇත.
මෙ වන විට ඉන්දීය ජාතිකයාගෙ මල සිරුර නැවතත් ඉන්දියාවට යවා ඇති අතර අද (23)දිනයේදී මිය ගිය ශ්රිලාංකික කතගේ මල සිරුර මෙරටට රැගෙන ඒමට නියමිතය.
මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල මාලියද්ද ප්රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකි.