Monday, November 25, 2024

සේවයෙන් පහ කල ලිපි නවතා වැටුප් හැදුවොත් සේවයට එනවා – දුම්රිය වෘත්තීය සමිති

Must read

දින 8කට වැඩි කාලයක් තිස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරමින් වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට දුම්රිය මෙහෙයුම් කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කටයුතු කර ඇත.

එසේ ප්‍රතිචාර දක්වමින් දොඩන්ගොඩ මහතා පවසන්නේ වර්ජකයන් සේවයෙන් පහ කළ ලිපි ඉවත්කොට සංවෘත සේවාව යටතේ වැටුප් සකස් කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අනුමැතිය හිමි වන්නේ නම් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කල හැකි බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකල බවට වන ලිපි හේතුවෙන්  වර්ජනයේ නිරත වූ තුන්දහසක පමණ පිරිසකට සේවා ස්ථාන වෙත යාමට පවා පුළුවන් කමක් නොමැති බව පවසන දොඩන්ගොඩ මහතා පවසන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් නියෝගය ඉවත්කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග අයින් කර ගන්නේ නම් අපට සේවයට පැමිණිය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම වර්ජකයන් පිරිස සේවය හැර ගියා සේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිපි නිකුත් කරන තුරු වර්ජනය අත්හැරීමට සූදානම් නොවූ මෙම වෘත්තීය සමිති නායකයන් සිය රැකියාව පිළිබදව ගැටළු ඇතිවූ විට නැවතත් සේවයට වාර්තා කිරීමට ඉදිරිපත් වීමත් ඒ සදහා සිය සේවය හැරගියා සේ සලකා නිකුත් කල ලිපි අවලංගු කරන ලෙස ඉල්ලීමත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ සැබෑ තත්වය හෙලි කරන කරුණක් බවට පත්ව ඇත.

දේශපාලන බලවේගයක් විසින් හසුරුවන්නට යෙදුනු මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දහස් ගණන් සාමාන්‍ය ජනතාව සිය ජීවිතය පවා පරදුවට තබමින් ධාවනය වූ දුම්රිය වල එල්ලී සිය රැකියා සදහා ගමන් කරන ආකාරය අප දුටුවෙමි. ඒ හේතුවෙන් මෙම වර්ජකයන්ට එරෙහිව දැඩි තීරණ ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියා කිරීම සියළුම මහජනතාවගේ පැසසුමට හේතු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article