Saturday, November 23, 2024

සිනි ආනයනකරුවෙකුට කෝටි ගාණක් හම්බ කරගන්න උදව් කළ ලොක්කන් කව්ද ?

Must read

සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනයකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ආනයනය කර ඇතැයි පිටකොටුව තොග වෙළෙදපොළෙන් වාර්තා වේ.

මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

රුපියල් පනහක සීනි ආනයනය බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීම හේතුවෙන් ගත වූ වසර තුන තුල රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවර සිනි බද්ද වැඩිකිරිම හේතුවෙන් දැනටමත් රු 320ක් පමණ වන මිළ ඉහල යෑම සාමාන්‍ය ජනයාට දරා ගැනිමට සිදුව තිබියදි ආණ්ඩුවේ ලොක්කන්ගේ සහයෙන් එක් සීනි ආනයනකරුවෙක් රු කෝ⁣ටි ගණනක ලාබයක් හිමිකරගෙන තිබේ.

ජනපති වික්‍රමසිංහ මේ දුෂණ ගැන කියන්නේ කුමක්දැයි මහජනයා දැන් විවෘතව අසන්නට පටන් ගෙන තිබේ.

මේ ගැන වෙළද ඇමති කියන්නේ කුමක්ද?මේ ලාබයෙන් කට්⁣ටියක් ඔහුගේ සාක්කුවටත් යන්නට ඇතැයි සාමාන්‍ය ජනයා තදින්ම විශ්වාස කරති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article