Thursday, September 17, 2026
spot_img

සිංහරාජයේ ජලාශ හැදුවොත් වනාන්තර හෙක්ටයාර 4කට බලපෑම් සිදුවනවා – යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය

Must read

 ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතයැයි පැවසෙන ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා සඳහන් කළේ, තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවය.

එහිදී මෙම ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගිං ගඟ හරස් කරමින් ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයේ මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අවසර දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුවට ද ලිපියක් යොමු කළ බවය.

(newsfirst)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article