ජනපතිවරණය තියුණු තරගයක් සහිත තීරාණාත්මක එකකි.ඒ සදහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තරග කරනු ලබන්නේ හංසයා ලකුණින් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණෙනි.
ඔහු සැබැවින්ම නියෝජනය කරන්නේ පෙරමුණකි.එහෙත් ඔහුගේ බොහෝ වේදිකා කතාවලදි පෙරමුණක් නියෝජනය කරන බවක් ගැන අැසෙන්නේ නැත.
මේ අතර බැසිල් රාජපක්ෂද ඉන්දියාවේ පුවත්පතකට කියා තිබුන පරිදි මෙම මැතිවරණයේදි දමිල ජනයාගේ ඡන්දය තිරාණාත්මකය.
සිංහල බෞද්ධ අන්තවාදයද කරපින්නාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන රාජපක්ෂලා දකුණේ වැඩි වාසියක් හිමිකරගනු ඇති බැවේ පෙනේ.
ඇල්පිටියේ මැතිවරණ ප්‍රථිපල තුලින් පවා මෙය පැහැදිලිව පෙනුණි.
එවන් යථාර්ථයක් තුල උතුරේත් නැගෙනහිරත් දමිල ජනයාගේ ඡන්දය රාජපක්ෂලාට නොලැබෙන පසුබිමක ඒ සියළු වාසියද ලබාගනිමින් උපරිම ඡන්ද ප්‍රමාණයක් උතුරෙන් සහ නැගෙනහිරින් ලබාගැනිම රාජපක්ෂලාගේ දකුණේ බහුතරයක් ඡන්දවලට ශක්තිමත් පිළිතුරක් සහිත උපාය මාර්ගයක් වනු ඇත.
එහෙත් උතුරේ මේ වන විට ඇත්තේ සැබැවින්ම ඇල්මැරුන තත්වයකි.දකුණේ දේශපාලනය ඇතුලු බොහෝ දේවල් ගැන කළකිරි ඇති උතුරේ සහ නැගෙනහිර ජනයා ඡන්ද පොලට ගෙන ඒමම දැන් අභියෝගයක්ව පවති.
එවන් යථාර්ථයක් තුල එකි ජනයා නව ජවයක් දෙමින් ගෝඨාභයටත් රාජපක්ෂලාටත් එරෙහිව දැවැන්ත මතවාදයක් සහ ප්රචාරක වැඩපිළිවෙලක් ඒ ප්‍රදේශවල දියත් කිරිම බරපතල අවශ්‍යතාවයක් බව පෙනේ.
එමෙන්ම දකුණ පිනවන සජිත් ප්‍රේමදාසගේ ඇතැම් කතා උතුරේ පෙනෙන නාලිකා වලද දමිල පරිවර්තනයන් සහිතව යන බව අමතක නොකළ යුතුව තිබේ.
සජිත් ප්‍රේමදාස විසින් ඊයේ දිනයේ කරන්නට යෙදුන කථාවක කියැවුන කොන්දේසි කථා කැමති නම් මාත් එක්ක එකතු වෙන්න නැතුව මම යන්නේ නැ එකතු වෙන්න වැනි කථා දමිල පරිවර්තනයක් සහිතව දමිළ ජනයාද නරඹන බව මේ දිනවල උතුරේ ජනයාගේ ප්‍රතිචාර වලින් වඩාත් හොදින් දැනෙමින් තිබේ.
රණවිරුවන් වෙනුවෙන් මම විදුලි පුටුවට යන්න හරි ලැස්තියි යනුවෙන් සජිත් ප්‍රේමදාස කියන කථා උතුරට දැනෙන්නේ දකුණට දැනෙන අයුරින් නොවන බවද කිව යුතුව තිබේ.මේ සියළු යාථාර්ථයන් තේරුම් ගෙන ඡන්ද සටන මෙහෙයවා ගැනිමේ සෑබෑ අභියෝගය හංස පෙරමුණ සතුව පවති.සජිත් ප්‍රේමදාස කැමති වුවද අකමැති වුවද මෛත්‍රීපාල සිරිසේනගේ මෙන් ජනපතිවරණයේ ජයග්‍රහණයේ යතුර තවමත් පවතින්නේ සුළුජාතින් අතේය.එහෙත් ඒ යථාර්ථය සජිත් ප්‍රේමදාස තේරුම්ගෙන ඇති බවක් නම් නොපෙනේ.