තමන් සමග මුහුණට මුහුණ සංවාදයකට පැමිණෙන ලෙස ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අභියෝගයක් ඉදිරිපත කර ඇත.
සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටින්නේ ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවයි.