පසුගිය දිනවල ශ්‍රීපාද ප්‍රදේශයට ඇදහැලුණ දැඩි වර්ෂාවත් සමග ශ්‍රීපාද උඩමළුවේ හා බගවාලෙන ප්‍රදේශයේ සිට මහගිරි දඹ වෙත කසළ තොගයක් සමඟ පස් කන්දක් කඩා වැටීමේ සිදුවීමක් වාර්ථා වුණා. එම සිදුවීමෙන් හානි වූ ප්‍රදේශය පසුගිය නොවැම්බර් 2වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂාවට ලක්කරනු ලැබ තිබෙනවා. එළඹෙන උදුවප් පුන් පොහෝ දිනයෙන් මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ වීමට නියමිත නිසා රදේශයේ යළිත් නාය යෑමක් සිදුවීමට ඇත්ද සොයා මෙම පරීක්ෂණය සිදුකර තිබෙන අතර එහි වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දීමට නියමිත බවයි වාර්ථා වන්නේ.
මෙම නාය යෑමෙන් මහගිරි දඹ වැලමිට වංගුව අසළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කසළ හා පස් වලින් වැසී ගොස් එහි පියගැට පෙළටද දැඩි අලාභහානි සිදුව තිබුණා.සිරිපා වන්දනාව සදහා පොලිතීන්,ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන ද්‍රව්‍යය රැගෙන නොඑන ලෙස දැනුම්දී තිබියදීත් එහි පැමිණෙන පිරිස් එය නොතකා එම ද්‍රව්‍යය රැගෙන විත් පරිසරයට මුදාහැරීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසා ඇත්තේ.
එලෙසම ශ්‍රීලංකා ජාතික ආරක්ෂණ බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඩී ගුණවර්ධන මහතාගේ මෙහෙය වීමෙන් හමුදා භටයින් 40 දෙනකුගේ කණ්ඩායමක් යොදවා මෙම කසළ හා පස් කන්ද මහගිරිදඹ පියගැට පෙළ ආශ්‍රීත ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනා.
ඡායාරූප – දිනමින