Sunday, February 9, 2025

 ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13ක් නිදහස් කෙරේ- තවත් 4ක් අත්අඩංගුවට.

Must read

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනාගෙන් ධීවරයින් 13 දෙනෙකු නිදහස් කෙරුණු අතර අනෙක් ධීවරයින් සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළා. ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු තලෙයි මන්නාරම නාවික හමුදාව විසින් 2024.12.24 අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා ලදී.

එම ධීවරයින්ගේ නඩුව සිකුරාදා (7) යළි විභාගයට ගත් අවස්ථාවේදී මන්නාරම මහේස්ත්‍රාත්වරයා ධීවරයින් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

2024.12.24 වන දින අත්අඩංගුවට ගත් ධීවරයින් 17 දෙනා තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ රදවාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම ධීවර හා ජල විද්‍යා සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විමර්ශනවලින් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 17 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඊට සම්බන්ධ ධීවරයින් 17 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, එම ධීවරයින් අද (7) යළි නඩු විභාගය සඳහා රැගෙන එනු ලැබුවා.

විමර්ශන අවසානයේ ඉන්දීය ධීවරයින් 17 දෙනාගෙන් දෙදෙනෙකුගේ ඇඟිලි සලකුණු නොලැබීම හේතුවෙන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දෙවන වරටත් නීතිවිරෝධී ට්‍රෝල් දැල් භාවිත කරමින් දේශසීමාවෙන් මසුන් ඇල්ලීමේ වරදට එම ධීවරයින් දෙදෙනාට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා.

මන්නාරම අධිකරණය අනෙක් 13 දෙනා නිදොස් කොට නිදහස් කළේ එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ දඩයක් සමඟ වසර දෙකකට අත්හිටවූ වසර 10 ක සිරදඬුවමක් නියම කරමිනි.

එස්.ආර.්ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article