Saturday, September 21, 2024

වෛද්‍යවරුන් අතුළු වෘත්තිකයන්ගේ අදායම් බදු අඩු කරන්නැයි ඉල්ලීමක්

Must read

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී දැනට පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී යහපාලන රජය සමයේ පැවැති බදු ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙසයි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල 12% ක්ව පැවැති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් 24% ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ලෙස සලකා ඒ මට්ටමෙන් මෙම බදු අය කිරීම සිදුවන බවත් පාදෙණිය මහතා එහිදී අගමැතිවරයා දැනුවත් කර ඇත.

අදාළ ගැටලුව විසදාගැනීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවක් සූදානම් කරන ලෙස අගමැතිවරයා එහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article