Monday, November 25, 2024

වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ල දිගටම : ආගමන විගමන නිලධාරීන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Must read

ආගමන විගමන සේවාවේ නියුතු නිලධාරීන්ගේ සේවාවෙහි හටගෙන ඇති  බරපතල ගැටළු හා අසාධාරණකම් විසදීමට ඉදිරි පැය 48ක කාලය තුල රජයේ මැදිහත් වීමක් සිදුනොවන්නේ නම් සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

මෙම වසරේ අගෝස්තු 01වනදා මෙම ගැටළු සම්න්දයෙන් විශයභාර අමාත්‍යවරා දැනුවත් කල විට ඔහු ඒ සඳහා මාසයක කාලයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු වූවත් එය ඉටු නොවූ බවත් ඒ .අනුව ඊයේ (02) දිනයේදී අමාත්‍යවරයා හමු වී මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ඉදිරි පැය 48 ක කාලය තුළ ආගමන විගමන නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුනොවන්නේ නම් සියලු ගුවන් තොටුපළ , වරාය ඇතුළු ආගමන විගමන නිලධාරීන් රාජකාරී සිදු කරන සේවා ස්ථාන ආවරණය වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වන බව කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article