Saturday, November 16, 2024

වූහාන්හි සිසුන් බේරා ගැනීමට ගිය ශ්‍රි ලංකන් කාර්යමණ්ඩලය දිරි දීමනා ප්‍රතික්ෂේප කරයි

Must read

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි සිසුන් 33දෙනා මුදා ගැනීමේ මෙහෙයුම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කපිතාන් චමින්ද ද සොයිසාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකන් සමාගම විසින් ඔවුන් වෙත ලබාදීමට තීරණය කල දිරි දීමනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වෙයි.

ඔවුන් පවසා ඇත්තේ එම මුදල් මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ Ground Staff සදහා අවශ්‍ය මුහුණු ආවරණ,ග්ලවුස් හා අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා එම මුදල් යොදවන ලෙසටයි.

එලෙස වූහාන් හි සිරළුී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ මෙහෙයුමට එක්වූ කාර්ය මණ්ඩලය මෙසේය

UL 1423 ගුවන් යානයේ නියමුවන් ලෙස කටයුතු කල චාමින්ද ද සොයිසා සහ සංජය අනුෂ්ක. සහකාර ගුවන් නියමුවන් වන ෂෙහාන් සෙනෙවිරත්න සහ රවින් රණතුංග. කාර්ය මණ්ඩලය ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජෑන්ස්, කොසාන් අනුරුධ, දනිදු දුනුසිංහ, දිනූක් මන්නපෙරුම, වසීම් මොහොමඩ්, අමලි පතිරත්නගේ, එල්.ඩී.එම්. පාත්බෙරිය, දර්ශන දිසානායක, බී.පී.ආර්.ඩී. පතිරාජා සහ මාලිෂ ප්‍රසාද්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article