Tuesday, November 5, 2024

වී සඳහා සහතික මිලක් ඉල්ලා වවුනියාවේදි විරෝධතා ..

Must read

අද (10.02) වවුනියාව සහ ඕමන්තේ ගොවීන් වී සහතික මිල ඉල්ලා උද්ඝෝෂණ රැලියක් පවත්වා තිබුණි

වවුනියාව, තාණ්ඩිකුලම් කෘෂිකර්ම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාව ඒ9 මාර්ගය ඔස්සේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය.

මේ අතර, ‘බෝග වනසන ආහාර අපට ලබා දෙන්න, ගොවීන්ගේ අනාගතයට මග සලසා දෙන්න, වී සඳහා සහතික මිලක් ලබා දෙන්න’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන විරෝධතාවයේ නිරත ගොවීන් විරෝධතා රැළියට එක්ව සිටියහ

දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ගේට්ටුව වෙත පැමිණි ගොවීන් වෙනුවෙන් ගොවීන් පිරිසක් දිස්ති‍්‍රක් සභාපති බී.ඒ.සරත්චන්ද්‍ර මහතා වෙත ලිපියක් භාර දී තම ඉල්ලීම පිළිබඳව දැනුම් දුන්හ.

දිස්ත්‍රික් සභාපති බී.ඒ.සරත්චන්ද්‍ර මහතා මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ අතර රජය විසින් කිලෝග්‍රෑමයකට රුපියල් 100 කට නොඅඩු සහතික මිලක් ගැසට් මගින් වහාම ප්‍රකාශයට පත් කරන බවට ගොවීන්ට සහතික වි තිබුණි

rbt
rbt

කේ. වසන්ත රූබන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article