Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන් : සදුදා සිට විශ්වවිද්‍යාල යථා තත්වයට

Must read

දින 31පුරා ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව පසුගියදා (11) තිරණය කලේය. ඒ විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් විෂමතා ගැටලුවට මසක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට බලධාරීන් සමඟ ඇති කර ගත් ගිවිසුමක් මතය. එම ගිවිසුම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව අතර ඊයේ සවස අත්න් තැබීමෙන් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අතහැරීමට ඔවුන් විසින් තීරණය කලෝය.

ඒ අනුව සියලු සේවකයන් දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (14) සිට සේවයට වාර්තා කර විශ්වවිද්‍යාල කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව එම වෘත්තීය සමිති සාමාජිකයන් මාධ්‍ය වෙත පවසා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article