Saturday, September 21, 2024

විරෝධතාකරුවන් හමුවේ ජනපති සැලසුම් වෙනස් කරයි.

Must read

 

අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ.

පුත්තලමේ පැවැත්වෙන ග්‍රාම ශක්ති වැඩසටහන සහ නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පුත්තලම නගරයට ගොස් සිටී.

ජනාධිපතිවරයා පළමුව සහභාගී වීමට තිබු උත්සව සභාව අසළ උද්ඝෝෂකයින් රැඳී සිටීම හේතුවෙන් පළමු වැනි විවෘත කිරීමට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනය අවසානයේ සහභාගී වීමට තිබු වැඩසටහනට ගොස් සිය කතාව අරම්භ කළේය.

පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නමුත් ඊට අවසරයක් ලබාදිය නොහැකි බව පවසන ආරක්ෂක අංශ මැදිහත්වී උද්ඝෝෂකයෝ නැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති.

පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ,ජල ප්‍රහාරක රථද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

(lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article