Friday, September 20, 2024

වියට්නාම් සරණගත කදවුරකදි සිය දිවි හානි කරගත් සිය සැමියාගේ දේහය ලංකාවට ගෙනඒමට උදව් කරන බිරිඳ ඉල්ලයි

Must read

කැනඩාවට යාමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් වියට්නාමයේ රඳවා සිටින අතරවාරයේ එහිදී මියගිය යාපනය චාවාකචේරි  ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් ක්‍රිතාරන්ගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස ඔහුගේ බිරිඳ රජයෙන් ඉල්ලා සිටි

වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනාගෙන් එක් අයෙක පසුගියාදි සිය දිවි නසා ගැනිමට තැත්කර තිබුනේ ඔවුන් යළිත් ශ්‍රිලාංකාවට නොයවන ලෙස සිටිමිනි.
මේ එක් අයෙකුගේ තත්වය බරපතල වි තිබුන අතර මේ වන විට ඔහු මිය ගොස් තිබේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යාපනය, චාවාකච්චේරි   ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් ක්‍රිදරන් (අවුරුදු 37) නමැති සිව් දරු පියෙකි.

 

මේ තත්ත්වය තුළ මියගිය සුන්දරලිංගම්ගේ බිරිඳ  සිය  සැමියාගේ දේහය වියට්නාම සරණගාත කදවුරෙන් ලංකාවට ගෙනඒමට යැයි ඉල්ලා සිටියදි ඇයට පවසා තිබුනේ ඒ සදහා  රුපියල් ලක්‍ෂ 30 ක්‌ පමණ අවශ්‍ය බවය .

ඒ ලක්ෂ 30 මගේ ළඟ තියෙනවා නම් මම මොකටද මගේ මහත්තයා මහ සයුරෙන් එතෙර කරන්නේ? මගේ මහත්තයට දරුවෝ හතර දෙනෙක් හදාගන්න තියෙනවා ණය ප්‍රශ්න තියෙනවා ඒ අයගෙන් ගැලවෙන්න ඕන කියලා මුහුදෙන් එතෙර වුණා. මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ ඇය පවසා තිබුනි.

තාත්තා නැති බව දරුවන්ට පෙන්වන්න ඔහුගේ දේහය අප වෙත ගෙන එන්න කියන එක තමයි මම රජයෙන් කරන අවසාන ඉල්ලීම යැයිදි ඇය බලධාරිින්ගෙන් ඉල්ලා සිටියාය

 

ආර්ථික අපහසුතා  හේතුවෙන් තම සැමියා සංක්‍රමණය වූ බවත් ඔහු මේ වන විටත් මෙහි කරමින් සිටි ව්‍යාපාරික කටයුතු විකුණා එයින් ලද මුදලින් කැනඩාවට ගිය බවත් පවසන බිරිඳ දෙමළ දේශපාලනඥයින් සහ ඩයස්පෝරා දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම ස්වාමිපුරුෂයාගේ දේහය ආපසු ගෙන ඒම සඳහා සහයෝගය දක්වන ලෙසය

නිදර්ශන් විනෝද්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article