Friday, September 20, 2024

විනෝද චාරිකාවකදී ගුරුවරයෙක් හා සිසුන් 3 දෙනකු දියේ ගිලී මිය යයි

Must read

 

මඩකලපුව කොක්කඩිචෝලෙයි පොලිස් වසමේ පිහිටි  කංගානියාර් වැවේ විනෝද චාරිකාවක නිරතව සිටි ගුරුවරයෙක් ඇතුළු   4 දෙනෙකු බෝට්ටුව පෙරළීමෙන් අද (12)  දහවල්  12ට පමණ  දියේ ගිලී මිය ගොස තිබේ.

අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ  ටී.සජිදන් (16), එස්.තනු (16) සහ වී.විධුසන් (16) යන කළුවුන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් හා ඔවුන් සමග විනෝදචාරිකාවට සහභාගී වූ  27 හැවිරිදි ගුරුවරයෙකි.

මෙම චාරිකාව සදහා කළුවුන්තන්වේලි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසුන් 3ක්, සිසුවියන් 4ක් සහ එක් ගුරුවරියක්, 8 දෙනෙක් එක්ව තන්තමලෙයි ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කේ රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article