Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විදෙස් සංචාරකයන් 19,450ක් දිවයින තුල : බොහෝ පිරිසකට නවාතැන් වලින් යන්න කියලා

Must read

නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමත් සමග විදෙස් සංචාරකයන් නවාතැන් ගෙන සිටි ස්ථාන වලින් ඉවත් වන ලෙස එමනවාතැන් හිමියන් විසින් විදෙස්සංචාරකයන්ට දැන්වීමත් සමග නවාතැන් ගැනීමට ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙවැනි සිදුවීමක් සම්බන්දයෙන් ඊයේ (25)දිනයේදී සමාජ මාධ්‍ය හරහා ඡායාරූප හුවමාරු වීමක් සිදුවූ අතර මේ වන විට එම යුවලට නවාතැන් ගැනීම සදහා ස්ථානයක් සූදානම් කිරීමට ඇල්ල ප්‍රදේශයේ පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අනුව මේ වන විට රට තුළ විදෙස් සංචාරකයින් 19,450 ක් පමණ සිටින අතර දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර මගින් ඔවුන් දිවයිනෙන් පිටත්ව යෑම් සිදුවෙමින් පවතියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article