Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

විදෙස් ගත ශ්‍රී ලාංකික සිසුන් 5000ක් ගෙන්වා ගැනීමට පියවර

Must read

විදේශ රටවල ගුවන් තොටුපොළවල සිරවූ ශ්‍රී ලාංකික තිස්තුන් දෙනා රැගෙන ආ පසුව තවත් විදෙස් ගත ශ්‍රී ලාංකික සිසුන් පන්දහසක් පමණ ගෙන්වා ගැනීම දෙවැනි පියවර ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ‘අරුණ’ට පැවසීය.

ඩුබායි, මැලේසියා, දකුණු අප්‍රිකා, ඉතියෝපියා, පැපුවා නිව්ගිනියා, තුර්කි ඇතුළු රටවල ගුවන්තොටුපොළවල සිර වූ පිරිස් මුලින්ම ගෙන්වා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලද බව හෙතෙම සඳහන් කළේය.

මේ අයුරින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා උපයෝගී කරගෙන පසුගිය 08 වැනිදාත් මාලදිවයිනේ හා ඩුබායිවල සිටි තිදෙනකු මෙරටට පැමිණි බවත්, ඔවුන් නිරෝධායනයට යොමු කළ බවත් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේය.

මගී ගුවන් යානා නොපැමිණෙන නිසා දැනටමත් ගුවන් යානා වෙන් කරගෙන මෙරටට පැමිණීමට ඉල්ලා සිටින අය ඇතුළු පන්දහසක පමණ පිරිස නිරෝධායන කටයුතු කරගෙන යාමට හැකි අයුරින් කොටස් වශයෙන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.

දැනට ලංකාවට පැමිණීමට බලා සිටින පිරිස් අතර වෛද්‍ය සිසුන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අයද සිටින බව හෙළි වේ.

 

(Aruna)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article