අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) එම අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව 29දා රාත්‍රියේ දස ලක්ෂ හත්සිය දෙනෙකුගේ පමණ විදුලිය බිඳවැටුණු අතර එම ප්‍රමාණය 30දා වන විට අටලක්ෂ හයදහස් එකසියයක් දක්වාද, අදවන විට පන්ලක්ෂ පනස්දෙදහස් හාරසිය හැත්තෑදෙදෙනෙකු දක්වා අඩුව ඇතැයි ද පෙන්වාදෙයි.
15%ක පැවැති විදුලිබිඳවැටීම් ප්‍රමාණය මේ වන විට 8.3%ක් දක්වා අඩුව ඇතැයි ද ඉතිරි සියලු බිඳවැටීම් ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින අතර ම ඒ සඳහා වර්ෂාවෙන් බාධාවන් එල්ලවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
29දා රාත්‍රිය වන විට මෙගාවොට් 1526ක විදුලි ඉල්ලුමක් පැවැති අතර ම ඉතිහාසයේ ප්‍රථම වරට එකවර විදුලි ඉල්ලුම මෙගාවොට් 726ක් දක්වා අඩුවීමට මෙම බිඳවැටීම් හේතුවූ බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා දිවයිනේ ගාල්ල, කළුතර හා කොළඹ දකුණු ප්‍රදේශවල මෙලෙස විදුලි පද්ධතියට හානි වී ඇතැයි ද කීය.
ස්වේච්ඡා සංවිධාන, ආරක්ෂ අංශ, පළාත් පාලන ආයතන, විදුලි නොවන රජයේ සේවකයන් විදුලි බිඳවැටීම් යථාතත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත සහයෝගය ලබාදෙන අතර ම ආපදාවන් වාර්තා නොවන ප්‍රදේශ වෙතින් කණ්ඩායම් 20ක් ආපදා පවතින ප්‍රදේශ වෙත කැඳවා ඇත.
www.news.lk
www.news.lk