Saturday, September 21, 2024

වැසි තත්වය දිගටම …

Must read

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති නැසි තත්වය ඉදිරියේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයට අනුව අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බැවින් බස්නාහිර, සබරගමුව මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ අතර දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්,වැසි තත්වයට අමතරව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැකි බව ද මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් ය.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article