Saturday, November 23, 2024

වැලිසර දී මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වෙයි

Must read

‍වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවේ පී.සී.ආර් පරික්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයෙකු වන මෙම හමුදා නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 18 වනදා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ඔහු මී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යවිමෙන් ඊයේ රාත්‍රියේ එම නිලධාරියා මියගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේවෙතත් අදාල නිලධාරියා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වැලිසර නාවික හමුදා රෝහල් වාට්ටුව තුළ සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම තත්ත්වය තුළ නාවික හමුදා නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරිමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේය.

(Derana.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article