Friday, September 20, 2024

වැලිගම,පැලෑන දුම්රිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Must read

ඊයේ (09) සවස 4.20ට පමණ වැලිගම,පැලෑන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මොටර් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර අනතුරින් පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නියුතු 35 හැවිරිදි එක් දරු පියෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෝටර් රථය දුම්රියේ ගැටී මීටර 100ක පමණ දුරක් ඉදිරියට ඇඳී ගොස් මාර්ගයෙන් ඉවතට විසි වී කණුවක ගැටී නතර වී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සේවය නියුතු පුද්ගලයා සිට නොමැති අතර, හරස් මාර්ගයේ විදුලි සංඥා දැල් වී නැතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article