Friday, November 29, 2024

වැඩවර්ජන පසෙක දැමූ GMOA එක දැන් හරියට වැඩ

Must read

නව රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සම්බන්දයෙන් තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  සදහන් කරයි. ඔවුන් පවසන්නේ නව රජයේ වැඩපිළිවෙලට සහය නොදක්වන අමාත්‍යවරියගේ නියෝග පවා මායිම් නොකරන අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකාරීත්වය ඉදිරියේදි හෙලි කරන බවයි.

කමක් නැත. එවැන්නන් සිටීනම් හෙළිකල යුතුය.

නමුත් නව රජය බලයට පත්වීමත් සමග GMOA හි මේ ක්‍රියාශීලීතත්වයනම් තේරුම්ගැනීමට අවශ්‍යය. පසුගිය රජය සමයේදී GMOA මෙතරම් ක්‍රීයාශීලීව කටයුතු කලේනම් රෝගී ජීවිත බිල්ලට තබමින් වැඩවර්ජන කිරීමට හා පසුගිය රජයේ සියලු සෞඛ්‍ය ප්‍රතිපත්තීන් හා කටයුතු විවේචනය කිරීමටය. පසුගිය රජය විසින් සෞඛ්‍යට අහිතකර ක්‍රියාවලීන් අනුගමනය කලෙනම් ඒ දේ විවේචනය විය යුතු බැවින් ඒවා විවෙචනය කරාට GMOA එකේ වරදක් අපි නොදකී.

  • නමුත් 1990 ගිලන් රථ සේවය මෙරටට හදුන්වා දීමේදී ඔවුන්ගේ හැසිරීම
  • පුරුද්දක් වශයෙන් සිදුකල වැඩවර්ජන
  • මීට වසර කිහිපයකට පෙර සම සෞඛ්‍ය උපාධියේ වසර 4 තහවුරු කරන ලෙස ඉල්ලමින් සම සෞඛ්‍ය සිසුන් සිදුකල පන්ති වර්ජන හා විරෝධතා වලදී GMOA හැසිරීම
  • තම වෛද්‍ය වෘත්තීයට සෘජුවම සම්බන්ද SAITM ගැටළුවේදී GMOA හැසිරීම

මෙවැනි කරුණු කිහිපයක් මෙහිදී මතක් කිරීමට කැමැත්තෙමි.

සම සෞඛ්‍ය උපාධියට වසර 4  ක උපාධියක් ඉල්ලූ විශ්වවිද්‍යාල සිසුන්ට පාදෙණිය ඇතුළු නඩයේ හැසිරීමනම් හොද හැටි මතක ඇතුවාට සැක නැත. සම සෟඛ්‍ය සිසුන්ට වසර 4ක උපාධියක් හිමිවීම තුලින් තම වෘත්තීය තත්වයට සම සෞඛ්‍ය සිසුන් ලගාවනවට බයවූ පාදෙණිය ඇතුළු පිරිස ඒ සිසුන්ට වසර 4ක උපාධිය ලබාදෙනවාට කිසිදු ආකාරයකින් කැමති වූයේ නැත.පාදෙණීය කීවේ උද්ඝෝෂණය කරන සිසුන් කණෙන් ඇදගනෙ ගෙදර ගෙන යන්නට දෙමාපියන් කටයුතු කල යුතු බවය.නමුත් ටන අත් නොහැරි සම සෞඛ්‍ය සිසුන් වසර 4ක උපාධිය දිනා ගැනීමට අවසානයේදී සමත්විය.

නමුත් තම වෘත්තීයට සෘජුවම සම්බන්ද  SAITM හිදීනම් රෝගි ජීවිත පවා බිල්ලට ගිනිමින් වැඩවර්ජන කිරීමට GMOA එක දෙවරක් සිතුවේ නැත. GMOA හැසිරීම එසේය

නමුත් වත්මන් රජය සමයේදීනම් GMOA හැසිරීම හාත් පසින්ම වෙනස්ය. දැන් ඔවුන් රජයේ සිත දිනාගැනීමට සීඅයිඩී වැඩ පවා කිරීමට සූදානම්ය. GMOA වැඩ වර්ජන කරන්නේ නැත. දැන් ඔවුන් කරන්නේ සෞඛ්‍ය ඇමතිනියට සහය පලකරමින් කටයුතු කිරීමය. කමක් නැත.

සෞඛ්‍ය ආමාත්‍යංශ ලේකම්ධූරය වෛද්‍ය පාදෙණිය වෙත ලැබීමට නියමිත බවට කටකතාවක් ප්‍රචාරණය වීමත් සමග  GMOA එක පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයට සුදුසු බව ඔප්පු කිරීමට කාපු කට්ට් සමාජ මාධ්‍ය හරහා අපි දැක්කෙමු. නමුත් අසරණ GMOA වෙත එය ලැබුණේ නැත. GMOA වැනි අවස්ථාවාදී දේශපාලන කඩයකට එම තනතුර ලබානොදී චාල්ස් මහත්මිය වැනි නිලධාරිනියක් වෙත එම තනතුර ලබාදීම ගැන වත්මන් රජයට සැබවින්ම ස්තූති කල යුතුමය.

වසර 5ක කාලයක් ඇතුලතදීනම් වෛද්‍ය වැඩවර්ජන ඇතිනොවන බවටනම් දැන් දැන් අපට පසක් වෙමින් පවතී. ඇතැම් විට වෛද්‍යවර්ජන දෙක තුනක් ඉදිරියේදී ඇතිවිය හැක්කේ GMOA එක රට පුරා විහිළුවක් වීමෙන් බේරීමට ඔවුන් උත්සහ කලොත් පමණකි. ඉදිරියේදී ද GMOA හැසිරීඹ ගැන අප අවදානයෙන් පසු වන බවද දැනුම් දීමට කැමැත්තෙමි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article