පොදු ස්ථාන වලදී හා නාගරික ප්‍රදේශයන්හි වාහන නවතා තැබීමේදී රියදුරන්ගේ දුරකතන අංකය සහ නම මෝටර් රථ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
විවිධ අවස්තාවන් වලදී රියදුරන් තමන්ගේ කටයුතු සදහා වාහන නවතා තබා යන බවත් ජනතාව විසින් ඒවා සැකකටයුතු වාහන බවට පවසමින් ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන බවත් පසුව පරික්ෂා කිරීමේදී රියදුරන් ඉදිරිපත්වන බවත් ගුණසේකර මහතා සදහන් කරයි.
මේ ආකාරයේ කි‍්‍රයා හේතුවෙන් පොලිසිය, බෝම්බ නිශ්කී‍්‍රය අංශය ජනතාව ද අපහසුතාවට පත්වන හෙයින් එය වැළැක්වීමට මෙම පියවර ගත් බවද පොලිසිය කියයි.