යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට විකිණීම සම්බන්දයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම්ගතවූ දිනයේ සිට වසර 2ක කාලයක් යනතුරු හෙළි නොකිරීමට ගිවිසුමේ සදහන් වගන්තියක් හරහා එකග වී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ගිවිසුම අත්සන් කල 2021/09/17 සිට 2023/09/17 දක්වා මෙම ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශවය විසින් හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ගිවිසුම හෝ ගිවිසුමේ අන්තර්ගතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීම් කල අවස්ථාවේදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා විසින් මසක් ඇතුලත මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දන්වා සිටියද මේ දක්වා අදාල ගිවිසුම හෝ එහි අන්තර්ගතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.