වසර 100ක කාලයක් තුල මිහිමතින් වාර්ථා වූ වැඩිම උෂ්ණත්වය පසුගිය ඉරිදා දිනයේදී වාර්ථා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා සදහන් කරයි. සෙල්සියස් අංශක 54.4ක් හා ෆැරන්හයිට් අංශක 130ක් වශයෙන් සටහන් වුන එම උෂ්ණත්වය වාර්ථා වී ඇත්තේ කැලිෆෝනියාහි Mojave කාන්තාරයේ Death Valley නම් ප්රදේශයෙන්ය.
එමෙන්ම අදාල උෂ්ණත්වය සටහන් වන කාල සීමාව තුල වාතයේ ආද්රතාවයද 7%ක තරම් ඉතාමත් අවම මට්ටමක පැවති බවද ඇමරිකානු කාලගුණ විද්‍යාඥයින් පවසයි. ඒ අනුව එම උෂ්ණත්වය පෝරණුවක් තුල උෂ්ණත්වයට සමාන ආකාරයකින් මිනිස් සිරුරට සංවේදනය වන තරමේ උෂ්ණත්වයක් බවද කාලගුණ විද්‍යාඥයින් පවසයි