Tuesday, September 15, 2026
spot_img

වව්නියාවේදී තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

 

වව්නියාව, පූවරසන්කුලම් ප්‍රදේශයේදී ඉඩිය තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු ඊයේ (03.01) අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.

ලියාපදිංචි නොකළ ඉන්දීය තුවක්කුවක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පූවරංගුලම, වේලන්ගුලම් ගොවිල්මොට්ටෙයි නිවසට ගොස් නිවස සෝදිසි කිරීමේදී ලියාපදිංචියකින් තොරව නීතිවිරෝධී ලෙස තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අතර එය සන්තකයේ තබාගෙන සිටි 35 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගෙන ඇත.

පූවරසන්කුලම පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පරීක්ෂණවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

වසන්ත රූබන් – වව්නියාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article