Saturday, November 23, 2024

වත්කම් ඉදිරිපත් නොකල කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්

Must read

2019 අගෝස්තු 20 වන විට 2018/19 වර්ෂ වලට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට පත්කළ යුතු වූවත් ඒ වන තෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකල කැබිනට් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත්  කළේය. ඒ එම ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දෙන ලද 2019 අගෝස්තු මස 20 වැනි දින වන තුරුත් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකල ඇමතිවරුන්ට එරෙහිවය.

එසේ ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පැමිණිලි කරනු ලැබ ඇත්තේ සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, රවී කරුනානායක, හරීන් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක හා එම්.එච්.ඒ හලීම් යන අමාත්‍යවරුන්ට එරෙහිවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article