Friday, September 20, 2024

ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරන සලීමා!

Must read

කාන්තාවක් විසින් ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කර තිබෙනවා. ඒ, නොවැම්බර් 20 ඉරිදා පැවැත්වෙන පිරිමි පාපන්දු ලෝක කුසලානයේ තරග තීරකවරියක් ලෙස තේරී පත්වෙමින්.
රුවන්ඩා ජාතික සලීමා මුකන්සංගා (Salima Mukansanga) වන ඇය ලෝක වාර්තාවක් බිහි කරන්නේ පාපන්දු ලෝක කුසලානයට පළමු කාන්තා තරග තීරකවරිය බවට පත්වෙමින්. 34 හැවිරිදි සලීමා මුකන්සංගා පිරිමි ක්‍රීඩකයින් 22 දෙනෙකු මැද ක්‍රීඩා පිටියේදී හමුවන එකම කාන්තාව වනු ඇති.ඇයට අමතරව මෙවර පාපන්දු තරගාවලියට සහභාගී වන සෙසු සියලු තීරකවරුන් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්. කෙසේවෙතත් ඇයට සහයක විනිසුරුවරියන් දෙදෙනෙකු ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

රුවන්ඩා ජාතික සලීමා මුකන්සංග, ඉකුත් වසරේදී අප්‍රිකානු කුසලාන පිරිමි පාපන්දු තරගාවලියේ තරග තීරකවරියක් ලෙස පළමුවරට එක්වුණා. ඒ, 1958 වසරෙන් පසු පළමු වරටයි.

ඇය පවසන්නේ තමාට ලද මෙම අවස්ථාව අප්‍රිකානු කාන්තා නිලධාරිනියන්ට ලෝක ක්‍රීඩාවේ දොර විවර වීමට අවස්ථාවක් වනු ඇති බවයි.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානය ලබන ඉරිදා කටාර්හීදී ආරම්භ වනවා.

Mukansanga 2022(nethnews.lk)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article