Saturday, November 23, 2024

ලොව විශාලතම මාලු ටැංකිය පුපුරා යයි

Must read

 

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය වන බර්ලිනයේ රැඩිසන් බ්ලූ හෝටලයේ පිහිටා ඇති මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

“ඇක්වා ඩෝම්” ලෙස හදුන්වන මෙම මත්ස්‍ය ටැංකිය උසින් මීටර 15.85ක් වන අතර ජලය ලීටර මිලියනයක ජල ධාරිතාවයකින් යුතුවේ.

එමෙන්ම මත්ස්‍ය විශේෂ 150කට පමණ අයත්මසුන් 1500ක පමණ ප්‍රමාණයක් මෙම ටැංකිය තුල වාසය කර ඇත.

ටැංකිය පුපුරා යෑමෙන් එහි සිටි මසුන්ගෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් ජලය රැදී තිබූ තැන් වල සිට හහුවූ මසුන් කිහිපයකගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබෙන බවත් විදෙම් මාධ්‍ය වාර්තා කර ඇත. ටැංකියේ තිබූ ජලය මෝටලය පුරා ගලා යෑ⁣මහේතුවෙන් හෝටලයටද සැලකිය යුතු හානියක් සිදුව ඇත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article