Saturday, November 23, 2024

ලොරි බිත්තර වෙනුවට රට බිත්තර ..

Must read

බිත්තර මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට ගැටලු ඇති වී තිබෙන බවත්, මේ මොහොතේ සිය සංගමයට බිත්තර ආනයනය කිරීමට අවසර දෙන්න යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 31 වෙනිදා පවසන්නට යෙදුණි

ඉන්දියාව හා පාකිස්තානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30 ත් 35 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීමට හැකි බවත්, බිත්තර මිල මේ වනවිට රුපියල් 70 ක් දක්වා ඉහළ ගොස් ඇති නිසා පාන් හැර අන් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරිකරුවන්ට සිදුවී ඇති බවත් ඔහු පැවසීය.

ලොරිවලින් ගෙනත් රුපියල් 55ට බිත්තර අලෙවිකරන බව කියමින් කරන නාටකය නතර විය යුතු බවද සභාපතිවරයා මෙහිදි පවසා තිබුණි..

කෙසේ නමුත්, සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සම්මේලනයේ සභාපති අජිත් එච්.ගුණසේකර කියා සිටියේ වෙළෙඳ ඇමැතිවරයා උත්සාහ දරන්නේ බිත්තර ආනයනය කිරීමටදැයි සැකයක් පවතින බවය. බේකරි හිමියන් කළ යුත්තේ බිත්තර ආනයනය කිරීම නොව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැකසීම බවද ඔහු කීය.. බිත්තර නිෂ්පාදකයන්ට දිනපතා පාරට පැමිණ බිත්තර අලෙවි කිරීමට නොහැකි බවද ඔහු පැවසුවේය

මේ දිනවල ගමේ කඩවල බිත්තරයක් අලෙවි වන්නේ රු 65 ටත් වඩා ඉහල මිළකිනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article