Saturday, September 21, 2024

ලොතරැයි අලෙවියට අවසර දුන්නත් ලොතරැයි මිලදී ගන්න මුදල් නැහැ

Must read

ලොතරැයි අලෙවියට අවසර දී ඇතත් අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පත් මිලදී ගැනීමට මුදල් නොමැති බවත් ඒ හේතුවෙන් අලෙවි නියෝජිතයන්ට නැවත ලොතරැයි පත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ආයතනයකින් ණය මුදලක් හෝ ලබා දීමට කඩිනමින් පියවරගත යුතු බවත්  සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එස්.එස්. මදුරසිංහ පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ රජය විසින් ලබා දුන් රුපියල් 5000 දීමනාවෙන් අලෙවි නියෝජිතයන්ට ලබා දුන්නේ රුපියල් 2500ක මුදලක් පමණක් බැවින් එහි ඉතිරි රුපියල් 2500ද අලෙවි නියෝජිතයන්ට ලබාදීමට පියවර ගන්නා ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article