Friday, September 20, 2024

ලබන සතියේ දුම්රියේ යන අය අද ලියාපදිංචි වෙන්න

Must read

ජුනි පළමු වැනි සඳුදා දිනෙන් ආරම්භ වන සතියේ දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තුවන කාර්යාල සේවකයින් අද (27 වැනිදා) දින සවස හයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුබව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්ත පවසයි.

පසුගිය සතියේ දුම්රියේ ගමන් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,334 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටියද එයින් පැමිණ ඇත්තේ මගීන් 7,000 ක් පමණක් බවත් ලියාපදිංචි නොවූ කාර්යාල සේවකයින්ද ඇතුළුව පැමිණි සම්පූර්ණ මගීන් ගණන 15,722 ක් පසුගිය සතියේ දුම්රියේ ගමන් ගත්බවත් ඒ මහතා සදහන් කරයි.

එක් එක් සතිවල ධාවනය වන දුම්රිය සංඛ්‍යාව අනුව වෙනස් වූළුත් දල වශයෙන් කාර්යාල සේවකයන් සඳහා සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වන පරිදි උපරිම ආසන 25,000ක්ද වෙන් කිරීමේ හැකියාව පවතින බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article