Friday, September 20, 2024

ලබන 8 වනදා සිට පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි

Must read

පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(02) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම යන ආයතනයන්හි සභාපතිවරු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ද සහභාගි විය.

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම හා කොවිඞ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වත්මන් වෛරස් ව්‍යාප්ති තත්වය හේතුවෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය අනිවාර්යය කර ඇති නිසා දැනට පවතින බස් රථ ප්‍රමාණවත් නොවිය හැකි බවත්,පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණයට යොදාගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට (3) සිටම ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදුකෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article