Friday, September 20, 2024

රාජ්‍ය බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කරනවා – ජනපති

Must read

රටේත් ජනතාවගේත් අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි නිලධාරීන් ඉවත් කිරීමට පසුබට නොවන බවත් ඒ හේතුවෙන් මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩ කරන පිරිසක් පත් කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ  ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමටත්, අපනයන ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු හඳුනා ගැනීමටත් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) පෙරවරුවේ හමුවූ අවස්ථාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී ගොස් ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article