වගකීම් විරහිත ආර්ථික කළමනාකරණය එතැනින් නොනැවතුණු අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ ඉහළ පොළියට ණය ලබාගැනීමේ අනවරත ක්රියාදාමයේ රජය යෙදෙද්දී රට තුළ රාජ්‍ය බදු ආදායම කඩාවැටුණු බවයි මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ.
“2005 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.7% ක්. 2014 වන විට එය 10.1% ක් වූ අතර, ලෝකයේ අඩුම බදු ආදායම් ප්‍රතිශතයක්. එහි ප්‍රතිඵලයක් තමයි දිගුකාලීන වර්ධනයේ අත්‍යවශ්‍ය සාධක විදිහට සලකන සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් කපාදැමීම. 2014 දී රාජ්‍ය වියදමෙන් 24% ක ප්‍රමාණයක් වන රුපියල් බිලියන 436 ක් වැයකර තිබුණෙ ණය පොළී ගෙවන්න. තවමත් පවතින එම ණය කන්දේ වැඩි බරක් වෙන විදේශ ණය පොළී ගෙවීමට අද වන විට රජයේ වියදමින් 31% ක් වැයවෙනවා. රජයේ සේවක වැටුප් ගෙවීමටත්, රෝහල් පවත්වාගෙන යාමටත්, විදේශ ණය ගෙවීමටත්, තවතවත් විදේශ ණය ගන්න අපට සිදුවුණා. නමුත් අප රජය බලයට පත්වූ පසු 2016 සිට ලබාගත් සියලු විදේශ ණය අප මේ වන විටත් ගෙවා හමාර බව ජනතාව දැනගත යුතුයි.”
එවැනි ඉතා අසීරු තත්ත්වයක සිට යහපාලන ආණ්ඩුව 2015 බලය පිහිටුවූදා සිට අද වන තෙක් උද්ධමනය මනාව පාලනය කර තිබීමත්, වෙළඳපොළේ බඩු භාණ්ඩවල මිල එදාටත් වඩා අඩු මට්ටමක අද පැවතීමත් යන කරුණු මඟින් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.