රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සදහන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක් හා එම අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 127ක් සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගෙන ඇති බැවින් ඒ සම්බන්දයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නමුත් ඊයේ දිනයේදී ජඩ මාධ්‍ය කිහිපයක් විසින් රාමානයක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අසභ්‍ය සංයුක්ත තැටිද ඒ මහතා සන්තකයේ තිබීම හේතුවෙන් බව දහන් කරමින් මෙම සිදුවීම වාර්ථා කර තිබිණි. කෙසේ වෙතත් අදාල මාධ්‍ය ආයතන මේ වන විට සමාජ මාධ්‍ය හරහාද විවිධාකාරයෙන් උපහාසයට හා අපහාසයට ලක්වන අයුරු සමාජ මාධ්‍ය තුල සැරිසරන්නන්ට දැක ගැත හැකිය.