විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද සිට ලිහිල් කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන බව දිවයින වෙබ් අඩවිය වාර්තා කර තිබේ
ඒ අනුව කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන පීසීආර් පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය
එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.